Monday, August 31, 2015

ඔබ හුදු පූජා සිරිත් වලින් පමණක් නොසෑහී, බුදු දහම පිළිබඳ විමසන්නෙක් නම්... | print and distribute ven. Warharaka Thero's books


2014 මැයි මස 29 දින හෝ ආසන්න දිනක මුල්වරට යවන ලද e-mail පණිවිඩය 

වහරක හිමියන් විසින් රචිත ​"සැඟවුනු බොදු මඟ කළ එලි දකී" ග්‍රන්ථයේ මුද්‍රණය කරන ලද සියළුම පිටපත් අවසන් වී ඇති බැවින්, එය නැවත මුද්‍රණය කර බෙදා හැරීමට අපි අදහස් කර සිටීමු. මෙම මහඟු ධර්ම දානමය පින්කමට දායක වීමට ද, පොතෙහි පිටපත් ලබාගෙන කියවා ධර්මඥාණය දියුණු කර ගැනීමටද ඔබටත් හැකිය. 
පොතෙහි පිටකවරය


























 

පිටකවරය පිටුපස
"සැඟවුනු බොදු මඟ කළ එලි දකී" යනු වටිනා ධර්ම කරුණු විශාල ප්‍රමාණයකින් යුත් දහම් පොතකි. පන්සල් ගොස් බොදුනුවන් තුනුරුවනට මල්, පහන් ආදී පූජා ද්‍රව්‍ය පූජා කරන්නේ ඇයි කියා විමසා බැලුවහොත් අද බොහෝ දෙනා එය දකින්නේ තවත් එක් ආගමක සිදු කෙරෙන ආගමික සිරිතක් ලෙසිනි. නමුත් ඊට වඩා බොහෝ දුර විහිදෙන කරුණු පැහැදිලිකිරීම් මෙම පොතෙහි අන්තර්ගතය. නමස්කාරයේ සිට සිවු වන ධ්‍යානය සහ, ඊටත් එහා විශාල දහම් කරුණු ප්‍රමාණයක් සම්බන්ධව, වටිනා පැහැදිලිකිරීම් රැසක් සහිත මෙම පොත, බුද්ධාගමේ එන පාරම්පරික පූජා විධි වලට සීමා නොවී, බුදු දහම පිළිබඳ විමසන සෑම කෙනෙක් ​ට​ම වටිනා ධර්ම කරුණු විශාල ප්‍රමාණයකින් යුත් දහම් පොතකි. 

පොතෙහි කතුවරයාණන් වන වහරක ස්වාමීන්වහන්සේ පිළිබඳව දැනගැනීමට http://www.waharaka.com වෙත පිවිසේන්න.
පොතෙහි අඩංගුව පිළිබඳ දළ සැකැස්මක් මේ සමඟ PDF ලෙස ඇත. 

2014 ජූලි මස අවසානයට පෙර මෙම පොත මුද්‍රණය කර අවසන් කිරීම අපගේ සැළසුම්යි. ​ඔබත් මෙම සත් කාර්‍යයට සම්බන්ධ වන්නේ නම් හා මෙම පොතෙහි පිටපත් ඔබටත් අවශ්‍ය නම්,හැකි ඉක්මණින් අප වෙත (පහත ඊමේල් ලිපිනය ඔස්සේ) දන්වන්න

No comments:

Post a Comment